(This is not a Official web site. It is a Research Level Site. Place Submit Your Valuable Comments to pelvrc@sltnet.lk / මෙම වෙබ් අඩවිය අධ්‍යන කටයුතු සදහා පර්යේෂණ මට්ටමින් සකස්කරන අඩවියකි ඔබගේ අදහස් pelvrc@sltnet.lk වෙත යොමුකරන්න)

New Inventors / නව නිපැයුම්

Gold Separator 
Gold Separator
පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගෝණකුඹුර පදිංචි එන්.ඩී. රාජපක්ෂ පතිරත්න මහතා විසින් මැණික් කර්මාන්තයේ දී ඉවත්වන වැල්ලේ ඇති රත්ත්‍රං වෙන්කරගැනීමේ යන්ත්‍රයක් නිෂ්පාදන කර ඇත. මෙම යන්ත්‍රය මඟින් දිනකට වැලි කියුබ් 15 ක් පමණ ගැරීමට හැකි අතර එමඟින් දිනකට රත්ත්‍රරං පවුම් ½ - ¾ පමණ ප්‍රමාණයක් වෙන්කර ගැනීමේ හැකියාව ඇත.

එමෙන්ම මෙමගින් වෙන්කර ගන්නා ඉල්මනයිට් අඩංගු ඛණිජ වැලි සඳහා ද විදේශීය වශයෙන් ඉල්ලුමක් ඇත. මෙම වැල්ලේ 60% ක පමණ ප්‍රතිශතයක් ඉල්මනයිට් අඩංගු අතර ටයිටේනියම්, රූටයිල්, සර්කෝන් වැනි ලෝහ වර්ගද අඩංගුව ඇත. මෙය දේශීය මැණික් කර්මාන්තය මගින් ලබාගන්නා ආදායමට අමතරව එහි අතුරු ළුලයකින් ලබාගන්නා තවත් ආදායම් මාර්ගයක් වන බැවින් ජාතික ආර්ථිකයට ආදායම් එක්කල හැකි තවත් මහඟු කර්මාන්තයක් වනු ඇත.

Nihal Dashanpriya Rajapaksha


යන්ත්‍රානු සාරයෙන් මැණික් ගරන යන්ත්‍රයට සවිකර ක්‍රියාත්මක කරවීමට හැකි ලෙස මෙම යන්ත්‍රය සකස්කර ඇති නිසා අමතර ඉංධන වැයවීමකින් තොරව යන්ත්‍රය ක්‍රියා කරවීමේ හැකියාව ඇත.

මෙම යන්ත්‍රය පර්යේෂණ මට්ටමින් නිෂ්පාදන කිරීම සඳහා රු 100000.00 ක පමණ මුදලක් වැයවී ඇති අතර ඒ සඳහා ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරික V.G.P.ජයවික්‍රම මහතා මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇත.

පැල්මඩුල්ල විදාතා සම්පත් මධ්‍යස්ථානයේ මගපෙන්වීම මත මේ වන විට පේටන්ට් බලපත්‍රය ලබාගැනීම සඳහා බුද්ධිමය දේපල කාර්යාංශය වෙත ද අයදුම්පත් යොමුකර ඇත.
Separated ‍Gold

මෙම යන්ත්‍රය මහජන ප්‍රදර්ශණයට, ජන මාධ්‍යයට ඉදිරිපත් කිරීම හා භාවිතයට ගැනීම 2011 පෙබරවාරි මස 13 වන දින පෙ.ව. 11.00 ට අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇල්ලහේන ග්‍රාමයේ දී සිදුකරණ ලදී.



Separated Ilmanite Sand


Click This link to Visit Gold Separator Video Clip on 2011/2/16 Atapattama program telecasted by ITN